1
00:00:23,630 --> 00:00:26,907
ඔයාව මීට වඩා දුරක් ඇරලවන්න ඕනෙ නැද්ද?

2
00:00:26,990 --> 00:00:28,467
ප්‍රශ්නයක් නැහැ.

3
00:00:28,550 --> 00:00:31,180
මෙතන ඉදන් මම තනියම යන්නම්.

4
00:00:31,640 --> 00:00:36,390
අනික, මම යන තැනට යන්න පුළුවන් පයින් විතරයි.

5
00:00:37,350 --> 00:00:40,020
තේරුණා. පරිස්සමෙන් යන්න.

6
00:00:40,020 --> 00:02:31,010
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 185වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

7
00:02:31,010 --> 00:02:35,010
<b><font color="#FFFB8B">හිමෙල් වීරයාගේ මරණයෙන් වසර 30 කට පසු</font></b>
<b><font color="#00FF81">උතුරු ප්‍රදේශය, ඩ්‍රැචන් කලාපය</font></b>

8
00:02:48,980 --> 00:02:50,570
මොනතරම් අපරාධයක්ද...

9
00:02:51,150 --> 00:02:54,487
අපේ ගමට මකරුන්ගෙන් ප්‍රහාර එල්ල වුණා...

10
00:02:54,570 --> 00:02:57,237
එතකොට උතුරු සානුවේ මකරුත් ඉන්නවාද?

11
00:02:57,320 --> 00:02:59,660
ඇත්තටම මේක හරිම භයානක ප්‍රදේශයක් නේද?

12
00:03:00,160 --> 00:03:01,870
මීට වඩා නරක වෙන්නත් තිබුණා.

13
00:03:02,870 --> 00:03:04,537
මම හිමෙල් එක්ක යද්දි,

14
00:03:04,620 --> 00:03:07,110
අපිට මුළු මකරු රංචුවක්ම පහර දුන්නා.

15
00:03:08,250 --> 00:03:10,667
මුළු රංචුවක්ම කියද්දී හිතාගන්නත් බෑ...

16
00:03:10,750 --> 00:03:12,307
ඒක මාර භයානකයිනේ.

17
00:03:12,390 --> 00:03:17,390
ම්ම්, සාමාන්‍යයෙන් මකරු එන්නේ රංචු විදිහට නෙවෙයිද?

18
00:03:18,010 --> 00:03:20,347
මේ ගමට පහර දුන්නේ මකරු රංචුවක්ද?

19
00:03:20,430 --> 00:03:21,557
ඔව්.

20
00:03:21,640 --> 00:03:26,770
උන් දැන් ළඟපාත පදිංචි වෙලා වගෙයි. මට ඕනෙ ඔයාලා උන්ව මරලා දාන්න.

21
00:03:27,270 --> 00:03:29,687
උතුරු සානුවේ සාමාන්‍ය බය හිතෙනවා...

22
00:03:29,770 --> 00:03:31,520
ඇග වෙව්ලලා යනවා.

23
00:03:50,170 --> 00:03:52,460
මේ ගම දැන් මරු කටේ.

24
00:03:53,300 --> 00:03:54,710
මෙහෙන් යන එක හොඳයි.

25
00:03:56,550 --> 00:04:01,720
ඒත් මේකනේ අපේ උපන් ගම.

26
00:04:02,350 --> 00:04:03,720
පරිස්සමෙන්.
 - ඔයාට හොඳින් නේද?

27
00:04:04,430 --> 00:04:05,770
මම දැන් ඒක ගේන්නම්.

28
00:04:08,190 --> 00:04:10,477
එයා කියන දේ හරි, ෆ්‍රීරන්-සමා

29
00:04:11,230 --> 00:04:13,007
ඔයා එයාලට කතා කළේ හරිම රළු විදිහට.

30
00:04:13,090 --> 00:04:15,440
මට ගම්මු ගැන පව් කියලා හිතෙනවා.

31
00:04:15,940 --> 00:04:19,487
අපි මේ සටන් කරන්නේ මකරු රංචුවක් එක්ක. දන්නව නේද?

32
00:04:19,570 --> 00:04:21,820
අපිට කිසි හානියක් නොවී ඉන්න බෑ.

33
00:04:22,260 --> 00:04:25,270
අපි මේ රකින්නේ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් නේද, ෆ්‍රීරන්?

34
00:04:26,330 --> 00:04:28,460
මම හිතන්නේ ඒක තීරණය වෙන්නේ ලැබෙන තෑග්ග මත.

35
00:04:29,040 --> 00:04:34,007
ඇත්තටම අපේ ගම හරිම දුප්පත්. අපිට දෙන්න තරම් දෙයක් නැහැ...

36
00:04:34,090 --> 00:04:36,090
ඔයාලා ළඟ කිසිම මන්ත්‍ර පොතක් නැද්ද?

37
00:04:36,510 --> 00:04:39,047
අපි ළග එක මන්ත්‍රයක් තියෙනවා... වචන පැටලෙන්නේ නැතුව

38
00:04:39,130 --> 00:04:40,577
වේගයෙන් දිව පැටලෙන වාක්‍ය කියන්න පුළුවන් එකක්,

39
00:04:40,660 --> 00:04:43,887
ඒත් ඒකෙන් ඇති වැඩක් නැහැ...

40
00:04:43,970 --> 00:04:47,980
ඒක නම් ඇත්තටම වැඩකට නැති එකක් වගේ....

41
00:04:53,150 --> 00:04:55,567
ඔයාට මායාවක් නම් ඕනි එකක් නේද?

42
00:04:55,650 --> 00:04:58,110
ඔයාලා දන්නවාද මකරු එන්නෙ කොහෙ ඉදන්ද කියලා?

43
00:04:58,860 --> 00:05:01,910
අපි දන්නේ උන් අර වනාන්තරයේ ගැඹුරු තැනක
 ඉඳන් එනවා කියලා විතරයි.

44
00:05:03,280 --> 00:05:05,830
මම හිතන්නෙ අපිට උන්ව මානා වලින් හොයාගන්න පුළුවන්.

45
00:05:06,330 --> 00:05:07,880
අපිට උන්ව ලුහුබඳින්න පුළුවන් වෙයි.

46
00:05:32,350 --> 00:05:34,230
පේන විදිහට උන් ඉන්නේ කෙලින්ම ඉස්සරහ.

47
00:05:34,900 --> 00:05:39,567
මට මුළ ඉදලම හිතුණේ, මායාව ඇත්තටම පුදුම සහගතයි නේද?

48
00:05:39,650 --> 00:05:41,900
මේ වගේ වෙලාවට ඒක හරිම ප්‍රයෝජනවත්.

49
00:05:42,410 --> 00:05:44,657
ඔයාට ඕනෙ නම් තව වැඩියෙන් වර්ණනා කරන්න පුළුවන්.

50
00:05:44,740 --> 00:05:47,747
ස්ටාර්ක්-සමා, එයාට ඔය තරම් ලේසියෙන් ප්‍රශංසා කරන්න එපා.

51
00:05:47,830 --> 00:05:49,787
ඒක එයාගේ හික්මීමට හොඳ නැහැ.

52
00:05:49,870 --> 00:05:52,287
ඔව්, ඔයා කියන එක හරි වෙන්න ඇති.

53
00:05:52,370 --> 00:05:56,380
ඔයාලා දෙන්නාගේ ඇස්වලට මම කවුරු වගේද පේන්නේ?

54
00:05:57,090 --> 00:06:00,590
කොහොම හරි, උන් ඉන්න තැන ගැන මට අදහසක් තියෙනවා, යමු.

55
00:06:35,500 --> 00:06:36,837
අන්න ඉන්නවා.

56
00:06:36,920 --> 00:06:38,587
අම්මෝ ගොඩක් ඉන්නවානේ...

57
00:06:38,670 --> 00:06:40,627
හැබැයි උන් පොඩි මකරු

58
00:06:40,710 --> 00:06:43,880
සූර්ය මකරුන්ට සාපේක්ෂව උන් එච්චර ශක්තිමත් නැහැ.

59
00:06:44,380 --> 00:06:48,640
ඒත්, මකරුන් හරිම බුද්ධිමත්, ඒ නිසා උන්ට ඔයාව වටකරගන්න ඉඩ දෙන්න එපා.

60
00:06:49,470 --> 00:06:52,767
උන්ව එක තැනකට ගේන්න බලන්න, ඊටපස්සේ හැමෝම එකපාර ඉවරයක් කරමු.

61
00:06:52,850 --> 00:06:55,850
ස්ටාර්ක්, මම උන්ව රඳවාගෙන ඉන්න වැඩේ ඔයාට බාර දෙනවා.

62
00:06:56,480 --> 00:06:58,610
ඔයාට මකරු එක්ක සටන් කරලා පුරුදුයි නේද?

63
00:06:59,150 --> 00:07:00,467
ආයෙත්?

64
00:07:00,550 --> 00:07:02,610
අපෝ, ඔයා හැමතිස්සෙම ලොකු ලොකු දේවල්මයි අහන්නේ.

65
00:07:07,410 --> 00:07:08,537
පටන් ගමු.

66
00:07:08,620 --> 00:07:10,830
මේ පාරවත් උන්ට පහර දෙන්න අමතක කරන්න එපා, හරිද?

67
00:07:14,750 --> 00:07:17,770
ඔයා තනියම උන් සේරම ඉවර කලේ නැත්තම් විතරක්.

68
00:08:26,440 --> 00:08:28,820
ඒක හරිම දරුණු සටනක් වුණා.

69
00:08:29,570 --> 00:08:32,287
ගමේ පල්ලියක් තිබුණ එක හොඳයි.

70
00:08:32,370 --> 00:08:36,659
ස්ටාර්ක්-සමා, එක වෙලාවක ඔයාගේ ඔළුව මකරෙක්ගේ කට ඇතුළේ තිබුණේ.

71
00:08:39,039 --> 00:08:40,789
ඔයා තාමත් ජීවතුන් අතර ඉන්නේ කොහොමද?

72
00:08:42,210 --> 00:08:43,590
හ්ම්...

73
00:08:45,050 --> 00:08:46,270
මම දන්නේ නැහැ...

74
00:08:46,880 --> 00:08:49,257
ඒක සටන්කරුවෙක්ට සාමාන්‍ය දෙයක් නෙවෙයිද?

75
00:08:49,340 --> 00:08:52,097
අයිසන්ගේ ඔළුවත් එකපාරක් මකරෙක්ගේ කටට අහු වුණා.

76
00:08:52,180 --> 00:08:55,480
අයිසෙන්-සමා නිකන් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි

77
00:08:55,990 --> 00:08:57,850
බලාගෙන හිටියාට ස්තූතියි.

78
00:08:59,560 --> 00:09:03,770
ඔයාලට ගොඩක් ස්තූතියි. මෙන්න අපි පොරොන්දු වුණ මන්ත්‍ර පොත.

79
00:09:13,990 --> 00:09:16,247
කල්පනා කරල බලද්දි, ෆ්‍රීරන්-සමා,

80
00:09:16,330 --> 00:09:20,160
කාට හරි උදව් කරද්දී හැමතිස්සෙම වගේ තෑග්ගක් ඉල්ලනවා නේද?

81
00:09:21,000 --> 00:09:23,127
ඒ මොකද හිමෙලුත් එහෙම කළා.

82
00:09:23,210 --> 00:09:24,627
ඒක පුදුමයි.

83
00:09:24,710 --> 00:09:29,550
මම හිතුවේ එයා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උදව් කරන කෙනෙක් කියලා.

84
00:09:30,130 --> 00:09:33,700
ඔව්, මමත් කලින් එහෙමයි හිතුවේ.

85
00:09:34,970 --> 00:09:37,097
ඔයා කරපු උදව්වට අපි ඇත්තටම ණයගැතියි.

86
00:09:37,180 --> 00:09:41,767
අපි දන්නවා මීට වඩා වටින දෙයක් දෙන්න ඕනෙ කියලා,

87
00:09:41,850 --> 00:09:44,550
ඒත් පේනවනේ, අපේ ගම හරිම දුප්පත්.

88
00:09:45,000 --> 00:09:47,990
අපිට දෙන්න පුළුවන් මේ දේවල් විතරයි...

89
00:09:49,530 --> 00:09:53,450
මේ ගමේ මිනිස්සුන්ගේ කෑම අපිට ගන්න බැහැ.

90
00:09:56,700 --> 00:09:58,410
ඒක මන්ත්‍ර පොතක්ද?

91
00:10:00,330 --> 00:10:05,477
ඕ, ඒක කාලෙකට කලින් සංචාරක වෙළෙන්දෙක්ගෙන් අපිට ලැබුණ සටහන් පොතක්.

92
00:10:05,560 --> 00:10:07,840
අපිට ඒකෙන් විශේෂ ප්‍රයෝජනයක් නැහැ.

93
00:10:17,640 --> 00:10:24,190
හිමෙල්, ඇයි ඔයා මිනිස්සුන්ට උදව් කරද්දී හැමතිස්සෙම වගේ තෑග්ගක් ඉල්ලන්නේ?

94
00:10:25,150 --> 00:10:29,400
මම තෑග්ගක් ගත්තොත්, එතකොට එයාලා මට ණයගැති නැහැ.

95
00:10:30,360 --> 00:10:32,740
අපි වීරයන්ගේ කණ්ඩායමනේ.

96
00:10:37,620 --> 00:10:42,447
අපි හොයන්නේ මිනිස්සුන්ට උදව් කරන්න මිසක්,

97
00:10:42,530 --> 00:10:44,540
ගුණ වර්ණනා නෙවෙයි.

98
00:10:48,590 --> 00:10:51,110
අපි එයාලාව අපිට ණයගැති කළොත්,

99
00:10:52,090 --> 00:10:55,340
එතකොට අපි ඇත්තටම එයාලාට උදව් කරලා නැහැ.

100
00:10:57,220 --> 00:11:02,330
ඒ නිසයි මම මේ වගේ විහිළු මායාවල් වුණත් තෑග්ගක් විදිහට පිළිගන්නේ.

101
00:11:03,450 --> 00:11:04,890
ෆ්‍රීරන්...

102
00:11:06,560 --> 00:11:09,777
පස්සෙ මේක අත්හදා බලන්න ඕනි මගෙ දිව පැටලෙයිද බලන්න

103
00:11:09,860 --> 00:11:12,867
ඇත්තටම ඔයාට ඕනෙ වුණේ ඒ මායාව විතරයි නේද...

104
00:11:12,950 --> 00:11:17,740
අඩුම ගානේ ඔයාට තිබ්බා මකරුන් හපන්නේ නැති වෙන මායාවක් ගන්න.

105
00:11:20,030 --> 00:11:23,040
<font color="#46FFFF">37 වන කොටස: හිමෙල්ගේ මතක සටහන්</font>

106
00:11:25,870 --> 00:11:29,420
කාලගුණය කොහොමද ෆ්‍රීරන්?

107
00:11:29,960 --> 00:11:33,010
මට හිතෙන්නේ අපිට තව ටික කාලයක් මෙහේ ඉන්න වෙයි.

108
00:11:33,420 --> 00:11:38,387
මෙහේ හිරවුණ එක අපේ කරුමයක්.

109
00:11:38,470 --> 00:11:40,517
මට කම්මැලිකමට මැරෙන්න වගෙයි එන්නේ...

110
00:11:40,600 --> 00:11:42,850
ඔයාට විශ්වාසද ඒ බීලා වැඩිවෙලා නෙවෙයි කියලා?

111
00:11:49,310 --> 00:11:51,687
කෝ හැමෝම පොඩ්ඩක් සතුටු වෙන්නකෝ.

112
00:11:51,770 --> 00:11:55,237
අපි ඉන්නේ යක්ෂ රජාව පරද්දන්න යන ගමනක් අතරමග නේද?

113
00:11:55,320 --> 00:11:59,077
ඒත් ඒ ගමනේ කිසිම ප්‍රගතියක් නැතුව දවස් ගාණක් අපි මෙහේ හිරවෙලා.

114
00:11:59,160 --> 00:12:03,240
ත්‍රාසජනක ගමනක් කියන්නේ කොහේ හරි යන එකටම විතරක් නෙවෙයි.

115
00:12:04,120 --> 00:12:08,367
මේ වගේ කම්මැලි දවස් පවා ගමනෙම කොටසක්.

116
00:12:08,450 --> 00:12:11,250
මම කවදාවත් ඒක කම්මැලියි කිව්වේ නැහැ.

117
00:12:12,670 --> 00:12:14,950
හිමෙල්, ඔයා මොකද කරන්නේ?

118
00:12:15,510 --> 00:12:17,300
මොකක් හරි අවුලක්ද?

119
00:12:20,300 --> 00:12:21,760
නැහැ...

120
00:12:22,300 --> 00:12:26,810
<b><font color="#00FF81">හිමෙල් වීරයාගේ මරණයෙන් වසර 30 කට පසු</font></b>
<b><font color="#FFFB8B">උතුරු ප්‍රදේශය, කොරිඩෝ විල </font></b>

121
00:12:27,770 --> 00:12:32,820
අපි සතියක් තිස්සේ මේ නගරයේ හිටියත් මේ කුණාටුව නතර වුණේ නැහැ.

122
00:12:41,030 --> 00:12:43,270
 අද අපිට විලෙන් එහා පැත්තට යන්න පුළුවන් වෙයිද?

123
00:12:43,800 --> 00:12:45,360
ඔයා මොකද හිතන්නේ?

124
00:12:53,880 --> 00:12:56,770
මගේ බෝට්ටුව මිනී පෙට්ටියක් නෙවෙයි.

125
00:12:58,760 --> 00:13:00,010
ඒ කතාව ඇත්ත.

126
00:13:02,800 --> 00:13:07,517
මම පුදුම වෙනවා, විල් උඩත් මේ වගේ කුණාටු ඇති වෙයි කියලා මම දැනගෙන හිටියේ නැහැ.

127
00:13:07,600 --> 00:13:11,530
කොරිඩෝ විල කියන්නේ උතුරු ප්‍රදේශයේ තියෙන ලොකුම විල.

128
00:13:12,070 --> 00:13:14,250
ඒක සමහර මුහුදුවලටත් වඩා ලොකුයි.

129
00:13:15,400 --> 00:13:18,680
ඇත්ත, මට එහා පැත්ත පේන්නේවත් නැහැ.

130
00:13:20,240 --> 00:13:22,907
නැඟෙනහිරින් සහ බටහිරින් තියෙන ලොකු කඳු පන්ති නිසා

131
00:13:22,990 --> 00:13:24,617
හුළං ප්‍රවාහයන්ට බාධා ඇති වෙනවා.

132
00:13:24,700 --> 00:13:27,350
ඒ නිසයි මේ කාලෙට මෙච්චර දරුණු කුණාටු ඇති වෙන්නේ.

133
00:13:28,080 --> 00:13:31,900
මේ කුණාටු වලට අහුවෙලා ලොකු නැව් පවා ගිලෙන එක සාමාන්‍ය දෙයක්.

134
00:13:32,540 --> 00:13:36,337
මම හිතෙන්නේ නෑ පියාසර මන්ත්‍රයකින්වත් මේ හුළඟ මැදින් යන්න පුළුවන් වෙයි කියලා.

135
00:13:36,420 --> 00:13:39,800
අහස පැහැදිලි වෙලාවටත් එහෙම යන එක අමාරුයි.

136
00:13:40,280 --> 00:13:42,730
පේනවට වඩා එහා පැත්ත ගොඩක් ඈතයි.

137
00:13:43,300 --> 00:13:45,300
මට නම් සමහරවිට ඒක කරන්න පුළුවන් වෙයි,

138
00:13:45,760 --> 00:13:48,090
ඒත් ෆෙරන්, ඔයාට ඒකට ඕනි තරම් මානා නැහැ.

139
00:13:48,770 --> 00:13:51,630
අපිට විල වටෙන් වෙන පාරකින් යන්න බැරිද?

140
00:13:52,450 --> 00:13:54,727
ඒකත් හරිම අමාරු වැඩක්.

141
00:13:54,810 --> 00:13:56,440
ඒ ඇයි?

142
00:13:56,940 --> 00:14:00,110
මුළින්ම, විල වටේ තියෙන කඳු පන්ති...

143
00:14:01,070 --> 00:14:03,137
...තමයි මේ නරක කාලගුණයට මුල.

144
00:14:03,220 --> 00:14:07,910
පාරක්වත් නැති අර කුණාටු සහිත කඳු නගින්න යන එක...

145
00:14:09,200 --> 00:14:10,830
...සියදිවි නසාගැනීමක් වගෙයි.

146
00:14:11,330 --> 00:14:13,877
කලබල වෙලා නොදන්න පාරවල් වල යනවාට වඩා,

147
00:14:13,960 --> 00:14:18,460
මෙහේ මාස කිහිපයක් රැඳී ඉන්න එක වඩාත් ආරක්‍ෂිතයි වගේම වේගවත්.

148
00:14:19,170 --> 00:14:23,137
වාසනාවකට, මේක ලොකු වරාය නගරයක් වගේම වෙළඳ මධ්‍යස්ථානයක්.

149
00:14:23,220 --> 00:14:26,010
කාලෙ කන්න හොඳම තැන තමයි මේක.

150
00:15:08,260 --> 00:15:10,640
අපි ඇත්තටම සීත සෘතුව ඉවර වෙනකම්ම බලාගෙන හිටියා නේද?

151
00:15:11,350 --> 00:15:12,807
අපිට එහා පැත්තට යන්න උදව් කරන්න පුළුවන්ද?

152
00:15:12,890 --> 00:15:13,890
ඔව්.

153
00:15:14,560 --> 00:15:16,770
බෝට්ටු ගාස්තුවට ඇති තරම් සල්ලි තියෙනවාද?

154
00:15:17,270 --> 00:15:21,650
දැන් කුණාටු කාලය නෙවෙයි, ඒත් මේක තාමත් එච්චර ආරක්‍ෂිත පාරක් නෙවෙයි.

155
00:15:22,320 --> 00:15:24,280
ඒක ලාභ වෙන්නේ නැහැ.

156
00:15:27,410 --> 00:15:29,410
මේක කොහොමවත් මදි.

157
00:15:29,920 --> 00:15:33,037
මේ සේරම ෆ්‍රීරන්-සමා වැඩිපුර මන්ත්‍ර පොත් ගත්ත නිසා.

158
00:15:33,120 --> 00:15:35,040
මට කම්මැලි දැනුණ නිසයි එහෙම කළේ...

159
00:15:35,960 --> 00:15:38,960
එහෙනම් සල්ලි වෙනුවට මට උදව්වක් කරනවාද?

160
00:15:39,960 --> 00:15:44,257
අර ඈත දූපතේ අතහැර දැමූ ආරාමයක් තියෙනවා,

161
00:15:44,340 --> 00:15:46,260
හැබැයි ඒක මායා පවුරකින් ආරක්ෂා වෙලා තියෙන්නේ.

162
00:15:47,180 --> 00:15:51,680
කියන විදිහට හිමෙල් වීරයා එයාගේ මතක සටහන් පොත එහේ දාලා ගිහින්.

163
00:15:52,310 --> 00:15:57,190
හිමෙල් වීරයා මගේ සීයාගේ කාලයේදී මේ නගරය බේරාගත්තා.

164
00:15:57,850 --> 00:16:00,690
මම පොඩි කාලේ ඉඳන්ම එයාට හුගක් ගරු කරනවා.

165
00:16:01,520 --> 00:16:04,150
මේ නගරේ හැමෝටම ඒ පොත කියවන්න ඕනෙ වෙලා තියෙන්නේ.

166
00:16:04,660 --> 00:16:06,650
ඒ නිසා මට ඒක හොයලා දෙන්න.

167
00:16:07,740 --> 00:16:09,530
හිමෙල්ගේ මතක සටහන්...

168
00:16:10,160 --> 00:16:11,460
දැන් කල්පනා කරද්දී,

169
00:16:11,910 --> 00:16:15,810
අපේ ගමන අතරේ එයාගේ ලියල ඉවර නැති මතක සටහන් පොත නැති වුණා කියලා එයා කිව්වා.

170
00:16:16,270 --> 00:16:17,960
 එයා ඒ ගැන හරිම දුකෙන් හිටියේ.

171
00:16:21,960 --> 00:16:24,800
මම කවදාවත් හිතුවේ නැහැ ඒක මේ වගේ තැනක තියෙයි කියලා.

172
00:16:25,800 --> 00:16:28,720
හොඳයි, මම ඒ ඉල්ලීම භාර ගන්නවා.

173
00:16:52,240 --> 00:16:56,117
ඒ එන්නේ නැව් සමූහයක්ද? හරියට අපි මහා සාගරයක ඉන්නවා වගේ...

174
00:16:56,200 --> 00:16:57,417
ඇත්ත.

175
00:16:57,500 --> 00:17:01,500
මේ කාලෙට තමයි මිනිස්සු වගේම බඩු බාහිරාදියත් වැඩිපුරම හුවමාරු වෙන්නේ.

176
00:17:02,210 --> 00:17:04,627
ඊට අමතරව කතාවක් යනවා...

177
00:17:04,710 --> 00:17:09,640
උතුරේ "රන්වන් දේශයක්" තියෙනවා කියලා, එහේ හැමදේම රත්තරන් වලින්ලු හදලා තියෙන්නේ.

178
00:17:10,210 --> 00:17:13,177
ඒ නිසා විල හරහා යන අය දැන් වෙනදාටත් වඩා වැඩියි.

179
00:17:13,260 --> 00:17:16,637
රන්වන් දේශයක්? ඒක ඇත්තක්ද?

180
00:17:16,720 --> 00:17:18,020
මම කොහොමද දන්නේ?

181
00:17:18,310 --> 00:17:22,810
ඒත් එහේ ගිය එක කෙනෙක්වත් මට තාම හම්බෙලා නැහැ.

182
00:17:23,310 --> 00:17:25,569
සමහරවිට ඒක කටකතාවක් විතරක් වෙන්න ඇති.

183
00:17:28,610 --> 00:17:30,030
අන්න අරකයි දූපත.

184
00:17:43,170 --> 00:17:45,947
මේ මායා පවුර එච්චරම ශක්තිමත් නැහැ නේද?

185
00:17:46,030 --> 00:17:49,047
ඒක හදලා දශක කිහිපයක් වෙනවානේ.

186
00:17:49,130 --> 00:17:53,340
ඒක හරිම පිළිවෙළට තිබුන ආරාමයක් වගේ. ඇයි ඒක අතහැරලා දැම්මේ?

187
00:17:54,140 --> 00:17:57,597
පේන විදිහට රාක්ෂයෙක් පහර දීලා වහලය කඩාගෙන වැටිලා.

188
00:17:57,680 --> 00:17:59,770
ඒක ගොඩක් පරණ ගොඩනැඟිල්ලක්නේ.

189
00:18:00,310 --> 00:18:01,727
තේරුණා.

190
00:18:01,810 --> 00:18:04,437
ඒ නිසයි එයාලා ඉක්මණට ඒක වටේට මායා පවුරක් දැම්මේ.

191
00:18:04,520 --> 00:18:06,060
ඒ කිව්වේ?

192
00:18:06,570 --> 00:18:11,820
හුගක් ආරාමවල හුඟක් පරණ වටිනා පොත්පත් තැන්පත් කරලා තියෙනවා.

193
00:18:14,240 --> 00:18:18,870
මේ මායා පවුර දාලා තියෙන්නේ එදා අරගෙන යන්න බැරි වුණ පොත් ආරක්ෂා කරන්න.

194
00:18:21,790 --> 00:18:24,580
මම ඒක අයින් කළා. අපි ඇතුළට ගිහින් බලමුද?

195
00:18:27,880 --> 00:18:30,840
මෙහේ හිටපු භික්ෂුන්ට මොකද වුණේ?

196
00:18:31,590 --> 00:18:33,007
කවුද දන්නේ?

197
00:18:33,090 --> 00:18:35,257
ඒක හුඟ කාලෙකට කලින් සිද්ධ වුණ දෙයක්නේ.

198
00:18:35,340 --> 00:18:40,220
හිමෙල් වීරයාගේ මතක සටහන් පොත ගැන හැර වෙන කිසිම දෙයක් ගැන කාටවත් මතක නැහැ.

199
00:18:50,650 --> 00:18:52,900
මොනතරම් ලොකු පුස්තකාලයක්ද.

200
00:18:53,530 --> 00:18:55,660
අන්න හිමෙල්-සමාගේ පිළිමයක්.

201
00:18:56,370 --> 00:18:58,530
ඒ ඉරියව්ව හරිම ලස්සනයි.

202
00:19:07,170 --> 00:19:08,380
මේ තියෙන්නෙ.

203
00:19:08,820 --> 00:19:09,960
අනිවාර්යයෙන්ම මේක වෙන්න ඇති.

204
00:19:13,890 --> 00:19:17,640
ඔව්, කිසි සැකයක් නැහැ. මේ හිමෙල්ගේ අත් අකුරු.

205
00:20:17,700 --> 00:20:19,510
ඒකේ මොනවද ලියලා තියෙන්නේ?

206
00:20:21,450 --> 00:20:23,870
එයාගේ ගමන ගැන හුගක් සරල දේවල්.

207
00:20:27,250 --> 00:20:29,040
එයාගේ සාමාන්‍ය දෛනික ජීවිතය ගැන.

208
00:20:31,380 --> 00:20:33,840
මෙන්න. ඔයා ඉල්ලපු දේ.

209
00:20:34,410 --> 00:20:36,420
දැන් බෝට්ටු ගාස්තුව ගෙවන්න ඕනෙ නැහැ නේද?

210
00:20:39,720 --> 00:20:44,567
මම අහලා තියෙනවා වීරයන්ගේ කණ්ඩායමේ එල්ෆ් මන්ත්‍රකාරියක් හිටියා කියලා.

211
00:20:44,650 --> 00:20:46,800
ඒ ඔයා කියලා මම හිතුවේ නැහැ.

212
00:20:47,560 --> 00:20:48,910
ඔයාට එහෙම හිතෙන්න හේතුව මොකක්ද?

213
00:20:49,850 --> 00:20:53,687
ඔයාගේ මූණේ තියෙන දුක්බර පෙනුමෙන් ඕනි කෙනෙක්ට ඒක තේරෙනවා.

214
00:20:53,770 --> 00:20:56,237
මේ පොත ඔයාට හුගක් වටිනවා නේද?

215
00:20:56,320 --> 00:20:57,950
ඔයාම ඒක තියාගන්න.

216
00:21:00,240 --> 00:21:04,197
අනික, මෙහේ තව හුඟක් වටිනා පොත්පත් තියෙනවා.

217
00:21:04,280 --> 00:21:06,780
ඔයාලගේ බෝට්ටු ගාස්තුව පියවන්න ඒ පොත් හොඳටම ඇති.

218
00:21:08,080 --> 00:21:10,120
මම දුකෙන් වගේ පෙනුණාද?

219
00:21:10,860 --> 00:21:12,030
පොඩ්ඩක් විතර.

220
00:21:12,960 --> 00:21:16,300
යමු, ඉර බහින්න කලින් අපිට අනිත් පැත්තට යන්න ඕනෙ.

221
00:21:23,050 --> 00:21:26,187
මට නම් මේකේ තියෙන වීර ප්‍රකාශ වලින් වැඩක් නැහැ.

222
00:21:26,270 --> 00:21:27,907
නිකන් පිටු අපරාදේ.

223
00:21:27,990 --> 00:21:29,937
සමහරවිට මම ඊළඟ පාර එකක් පාවිච්චි කරයි.

224
00:21:30,020 --> 00:21:32,187
වරෙව් රාක්ෂයෝ!

225
00:21:32,270 --> 00:21:35,400
මම, ස්ටාර්ක් නම් සටන්කරුවා, උඹලට මුහුණ දෙනවා!

226
00:21:38,440 --> 00:21:39,310
ඈ?

227
00:21:40,150 --> 00:21:41,650
ඒ ක්‍රැකන් කෙනෙක්!

228
00:21:42,160 --> 00:21:44,657
මේ විලේ මුහුදු රාක්ෂයොත් ඉන්නවාද?!

229
00:21:44,740 --> 00:21:46,537
ස්ටාර්ක්, ඒ ඔයා ඌව තරහ ගස්සපු නිසා.

230
00:21:46,620 --> 00:21:47,370
ඒක මගේ වැරැද්දද?!

231
00:21:48,370 --> 00:21:52,750
ස්ටාර්ක්, ඕකව ඉක්මනට මරන්න, නැත්නම් මුළු බෝට්ටුවම විල යටට ඇදලා ගනියි.

232
00:21:54,000 --> 00:21:55,590
ෆ්‍රීරන්-සමා!
 - ෆ්‍රීරන්!

233
00:21:58,380 --> 00:22:00,297
ස්ටාර්ක්, මේ රාක්ෂයාගේ දුර්වලකම තමයි...

234
00:22:00,380 --> 00:22:02,010
පොඩ්ඩක් ඉන්න, මොකක්ද?!

235
00:22:02,510 --> 00:22:05,010
ඔයාලා දෙන්නාට මූව පරද්දන්න පුළුවන්.
වැඩේ පටන් ගන්න.

236
00:22:06,390 --> 00:22:09,557
ෆ්‍රීරන්-සමා වචන පැටලෙන්නේ නැතුව

237
00:22:09,640 --> 00:22:12,437
 වාක්‍ය කියන්න පුළුවන් මන්ත්‍රය පාවිච්චි කරනවා විතරයි.

238
00:22:12,520 --> 00:22:13,770
මොනවා...?

239
00:22:14,270 --> 00:22:17,627
ඔයාලා දෙන්නට මේ වගේ වෙලාවක මෙච්චර සන්සුන්ව ඉන්න පුළුවන් කොහොමද?

240
00:22:17,710 --> 00:22:18,980
හරිම බය හිතෙනවා...

241
00:22:18,990 --> 00:24:31,010
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 185වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

